Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

එජාපය ලබන වසරේ සිට වැඩ අරඹයි

janamaga-unp-sirikotha

ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් ආවරණය කරමින් රට පුරා එකවර දේශපාලන කටයුතු එලැඹෙන වසරේ මුල් සතියේ සිට ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර ඇතැයි එහි මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධාන, කාන්තා සංවිධාන, පළාත් පාලන ආයතන මහජන නියෝජිත හමුව සහ බිම් මට්ටමේ සාමාජික වැඩසටහන් මෙම ක්ෂේත්‍ර හතරට අයත් වනු බව ඔහු සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ උපදෙස් අනුව පක්ෂයේ ප්‍රතිපත්ති සම්පාදන කටයුතු මේ වනවිට අවසන් කර ඇති හෙයින් ලබන වසරේ පලමු සතියේස පූර්ණ කාලීනව දේශපාලන කටයුතු ආරම්භ කරන බවද මහලේකම්වරයා සඳහන් කරයි.

තවද බිම් මට්ටමේ පක්ෂ දේශපාලක කටයුතු ඇරඹීමත් සමග ආසන මට්ටමින් වගකීම් බාර දෙන නව සංවිධායකයින් හඳුන්වාදීමේ වැඩසටහනද මේ අනුව ක්‍රියාවට නංවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර යන අයගේ ප්‍රධානත්වයෙන් එලැඹෙන වසරේ සිට එක්සත් ජාතික පක්ෂය සිය දේශපාලන කටයුතු ක්‍රියාවට නංවනු ලබයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img