Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

එජාප නව ජාතික සංවිධායක ලෙස සාගල පත්වෙයි

janamaga-sagala-rathnayaka

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගල රත්නායක පත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් මෙම පත්කිරීම සිදුකර ඇති අතර පක්ෂයේ කළමණාකරන කමිටුව අදාල පත් කිරීම සඳහා අනුමැතිය ලබා දුන් බව මහලේකම් පාලිත රංගේ බණ්ඩාර සඳහන් කරයි.

එමෙන්ම මෙම සංවිධායක ධූරය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කරගැනීමට සූදානම් බවද මහලේකම්වරයා සඳහන් කරයි.

කෙසේ නමුත් පක්ෂයේ ජාතික සංවිධායක ධූරය සඳහා නවීන් දිසානායක පත්කිරීමට කෘත්‍යාධිකාරි මණ්ඩලය තීරණය කර තිබුනද නවීන් දිසානායක විසින් එම තනතුර ප්‍රතික්ෂේප කර තිබුණි.

සාගර රත්නායක එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙසද කටයුතු කල අතර පුරප්පාඩු වී ඇති එම තනතුර සඳහා පුද්ගලයන් දෙදෙනෙකු පත් කිරීමට නියමිත බවත් දෙමළ සහ මුස්ලිම් නියෝජනයක් ලැබෙන පරිදි ඉදිරියේදි එම තනතුර සපුරාලීමට කටයුතු කරන බවටත් මහලේකම්වරයා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img