කුලී පදනම මත වාහන ලබා ගනිමින් ව්‍යාජ ලේඛන සකසා අදාල වාහන අලෙවි කිරීමේ ජාවාරමක නිරත වී සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පලාත් දකුණ අපරාධ කොට්ඨාසය සමත් වී ඇත.
ඊයේ (26) අළුයම් කාලයේදී මාතලේ උකුවෙල ප්‍රදේශයේදී කුලී පදනම මත වාහන රැගෙන ගොස් ව්‍යාජ ලේඛණ සකසා විකිණීමේ ජාවාරමක නිරත වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන විමර්ශණ කටයුතු සඳහා විශේෂ අපරාධ විමර්ෂන ඒකකයට ඉදිරිපත් කර ඇත.
එහිදි සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම හමුවේ නාවල පාර රාජගිරිය ප්‍රදේශයේ පදිචි පුද්ගලයෙකුට අයත් KDH වර්ගයේ වෑන් රථය කුලී පදනම මත රැගෙන ගොස් වංචා කිරීම, යාපනය පොලිස් ස්ථානයට පාර්ථා වී තිබූ වෑන් රථයක් කුලී පදනම මත රැගෙන ගොස් ව්‍යාජ ලේඛණ සකස් කර නල්ලුර් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට රැපියල් ලක්ෂ 57කට විකුණා ඇතැයිද අනාවරණය වී ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා අවුරුදු 46ක් වන මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකරු අද (27) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.