ලංකා විවාහක රෑ රැජින ලෙස කිරුළු පැලඳි පුශ්පිකාද සිල්වාගේ කිරුළ තමන්ට පැවරී ඇති බලතල ප්‍රකාරව ගලවා ඉවත් කිරීමට ශ්‍රී ලංකා විවාහක රෑ රැජින සංවිධාන කමිටුව විසින් ඊයේ (08) පියවර ගෙන තිබුණි.
ලෝක විවාහක රෑ රැජින තරඟාවලියේ දේශිය නියෝජිතයා ලෙස කටයුතු කරන තම සංවිධානයට පැවරී ඇති බලතල ප්‍රකාරව පුෂ්පිකාගේ මෙම කිරුළ ඊයේ සිට ගැලවූ බව එම කමිටුවේ අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.
මෙම සිදුවීමත් සමග මෙරට නීරුණ ශිල්පියෙකු වන විශ්ව පෙරේරාද සිය මුහුණු පොතට සටහනක් එක් කරමින් සඳහන් කරනුයේ පුශ්පිකාට සිදුවූයේ දිට්ඨධම්මවේදනීය කර්මය පල දීමක් බවයි.
කැරලොයින් විසින් තම ලෝක විවාහක රෑ රැජින කිරුළ අත් හරින්නට සිදුවීමත් සමග පුෂ්පිකාටද සිය කිරුළ ගැලවී යාමට සිදුවූයේ ඇය විසින් කරන ලද සිදුවීම් හේතුවෙන් බවද විශ්ව පෙරේරා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර සිටියි.