Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

වඳුරඹ කොස්තාපල් ස්ථානාධිපතිට වෙඩි තැබීමට උත්සාහ කරයි

ගාල්ල වඳුරඹ පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග උරණ වූ බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට වෙඩි තැබීමට උත්සාහ කර ඇතැයි වාර්තා වෙයි.

වඳුරඹ පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා භූමියේ ඇති ගස් කිහිපයක් ඉවත් කිරීම සඳහා ලබා දී තිබු අවසරය මත එහි පැමිණි දැව සංස්ථාවේ නිලධාරීන් පිරිසකට එම අවස්ථාවේ රාජකාරියේ නිරතව සිට ඇති පොලිස් කොස්තාපල්වරයා විසින් ගොඩනැගිල්ල ඉදිකරන පරිශ්‍රයට පිටතින් ඇති ගස්ද දැව සංස්ථාවේ සේවකයන් ලවා කපා ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

එහිදි රාජකාරී කටයුත්තක් සඳහා පිටතට ගොස් සිටි ස්ථානාධිපතිවරයා පැමිණීමෙන් අනතුරුව පොලිස් භූමියේ ඇති සියළුම ගස් කපා ඉවත් කර තිබෙන අයුරු දැක පසුව අදාල කොස්තාපල්වරයා නිල කාමරයට කැඳවා දොස් පවරා ඇතැයි වාර්තා වෙයි.

එහිදි ස්ථානාධිපතිවරයා සමග බහින් බස්වීමක් සිදුව ඇති අතර පසුව කොස්තාපල්වරයා නිල කාමරයෙන් පිටතට පැමිණ ගිනි අවි බාහා ඇති ආරක්ෂිත පෙට්ටිය විවෘත කිරීමට උත්සාහ දරා ඇත.

එහිදි සෙසු පොලිස් නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා අදාල කොස්තාපල්වරයා වලක්වා ඇති අතර එහිදි ඔහු පොලිස් ස්ථානයෙන් පලා ගොස් ඇතැයිද සඳහන්.

පලාගිය පොලිස් කොස්තාපල්වරයා සොයා මේ වනවිට වඳුරඹ පොලීසිය පරීක්ෂණ පවත්වනු ඇතැයි ද වාර්තා වෙයි

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img