Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

චමුදිතගේ නිවසට වජිර යයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට එල්ල වූ මැර ප්‍රහාරය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා ඊට සම්බන්ධ සියලුදෙනා වහා අත්අඩංගුවට ගත යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි

අද (15) දහවල් පිලියන්ද පිහිටි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ගොස් ඔහු හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ලෝකයේ තාක්ෂණය ඉතා දියුණු මට්ටමක තිබෙන බැවින් ප්‍රහාරය එල්ල කළ අය මුහුණු ආවරණය කරගෙන පැමිණියත් අවශ්‍යතාවයක් තිබෙනවානම් නව තාක්ෂණය භාවිතාකර අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර ගත හැකි බව ඔහු පෙන්වා දෙයි.

ඉන් අනතුරුව එම නිවසට රැස්ව සිටි මාධ්‍යවේදීන් මෙම ප්‍රහාරය සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය කුමක්දැයි විමසා සිටි අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් වජිර අබේවර්ධන මහතා තවදුරටත් මෙසේද පැවසීය.

“ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස, නිදහස්ව තිබිය යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂය විශ්වාස කරනවා. ඒ නිසා සෑම අවස්ථාවකම මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ රජය විශේෂ අවධානයක් යොමු කළ යුතුව තිබෙනවා.

මේ එල්ල වූ ප්‍රහාරය ඉතාමත් මිලේච්ඡ ක්‍රියාවක් කියලා මං හිතනවා. අපි ඒ ගැන කණගාටු වෙනවා. මේ සිද්දිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ කරලා, තිබෙන නව තාක්ෂණය ඔස්සේ මේ සියලු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාව තිබෙනවා.

ලෝකයේ තාක්ෂණය ඉතාමත් දියුණු මට්ටමකයි අද තිබෙන්නේ. ඒ නිසා කොයි ආකාරයකින් මුහුණු ආවරණය කරගෙන ආවත්, අවශ්‍යතාවය තිබෙනවානම් අපරාධකරුවන් සොයාගත හැකියි.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට කුමන අයුරකින් හෝ ඇතිවන තර්ජන කිසිසේත්ම අනුමත කරන්න බැහැ. ඕනෑම කාරණයක් සාකච්ඡාවෙන් සහ සම්බන්ධවීමෙන් විසඳාගන්න හැකියාව තිබෙනවා. මාධ්‍ය නිදහසට තර්ජනයක් වන ආකාරයෙන් වෙන සෑම ක්‍රියාවක්ම එක්සත් ජාතික පක්ෂය තරයේම හෙළා දකිනවා. මෙම සිද්ධිය පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂනයක් පවත්වා ඊට සම්බන්ධ සියලුදෙනාටම එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.”

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img