විනය විරෝධි ක්‍රියාවලට සම්බන්ධ වී වැඩ තහනමට ලක්වන බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිළධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක සඳහන් කරයි.
මේ අනුව විවිධ දූෂණ ක්‍රියා සම්බන්ධව සහ සිරකරුවන්ට වද හිංසා සිදුකිරීම හෝ පහරදීම හේතුවෙන් වැඩ තහනමට ලක්වන නිලධාරීන් නැවත සේවයේ පිහිටුවීම පරීක්ෂණ අවසන් වන තෙක් සිදු නොකරීමට තීරණය කර ඇතැයි ඔහු සඳහන් කරයි.
එමෙන්ම වැඩ තහනමට ලක්වන නිලධාරීන් සම්බන්ධයෙන් සිදුකරන විනය පරීක්ෂනයන් සහ අධිකරණ කටයුතු අවසන් වන තෙක් නැවත සේවයේ පිහිටුවීම පිලිබඳ සලකා නොබැලීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණ කර ඇති බවත් විවිධ දූශණ ක්‍රියාවලට සම්බන්ධ සහ සිරකරුවන්ට වද හිංසා හා පහරදීම් සම්බන්ධයෙන් නිලධාරීන් වරදකරුවන් යන්නේ නම් ඔවුන් සේවයෙන් නෙරපීමට හෝ දැඩි දඬුවම් ලබා දීමටද කටයුතු කරන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මේ පිලිබඳ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින් සියළුම අධිකාරීවරුන් වෙත දන්වා නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර මීට සමගාමීව සියලු බන්ධනාගාරවෙත ගොස් නිලධාරීන් දැනුවත් කිරීමට නියමිත බවද සඳහන්.
එමෙන්ම මේ පිලිබඳ බන්ධනාගාර රැඳවුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට නීති විරෝධී කටයුතු පිලිබඳ දැනුම්දීම සඳහා 0112 678 600 යන විශේෂ දුරකථන අංකයක් ද හඳුන්වා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පියවර ගෙන ඇත.