ජල බිල්පත් ගෙවීම පැහැර හරින පුද්ගලයන් හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලය දැඩි දුශ්කරතාවට පත්ව සිටින බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානයක්කාර සඳහන් කරයි.
එමෙන්ම මෙම බිල්පත් ගෙවීම පැහැර ඇති පුද්ගලයන් අතර හිටපු මෙන්ම වත්මන් මැති ඇමතිවරුන්ද සිටින බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ජල බිල්පත් නියමිත පරිදි නොගවෙූ හිටපු සහ වත්මන් මැති ඇමතිවරුන් 45 දෙනෙකු පිළිබඳව තොරතුරු හෙලි කරගෙන ඇති අකර ඔවුන් පිළිබඳ කැබිනට් මණ්ඩලය වෙත දැනුම් දෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.
එමෙන්ම මෙම මැති ඇමතිවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද ජල සම්පාදන මණ්ඩලය කටයුතු කරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.