Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

කොළඹ CSE සහ පාකිස්ථානු PSX අතර අවබෝධතා ගිවිසුමක්

janamaga-cse-psx

කොළඹ කොටස් වෙළඳපල සහ පාකිස්තාණු කොටස් වෙළඳපල අතර අවබෝධතා ගිවිසුමක් අද (27) දිනයේ අත්සන් තැබීමට නියමිත බව කොළඹ කොටස් හුවමාරුව සඳහන් කරයි.

දෙරටේ කොටස් හුවමාරු අතර සහයෝගීතාව ඇතිකර ගැනීමේ උත්සහයක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම සිදුවනු බවද සඳහන්.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් අතථ්‍ය සීනුව නාද කිරීමේ අවස්ථාවක්ද සංවිධානය කරන්නට කොළඹ කොටස් හුවමාරුව සහ පාකිස්ථානු කොටස් හුවමාරුව කටයුතු යොදා ඇත. එය අද ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10.55ට සිදුවීමට නියමිතව ඇත.

1947 සැප්තැම්බර් මස 18 වැනි දින පාකිස්ථානු කොටස් හුවමාරුවේ මූලස්ථානය කරච්චි නුවර ආරම්භ කෙරුණු අතර එය කරච්චි කොටස් හුවමාරුව ලෙසද හඳුන්වයි. එසේම ඉස්ලාමාබාද් සහ ලාහෝර් නගරවලද කොටස් හුවමාරු වේදිකා ක්‍රියාත්මක වී තිබු අතර 2016 ජනවාරි 11 වැනි දින මෙම කොටස් හුවමාරු තුන එක් කරමින් පාකිස්ථානු කොටස් හුවමාරුව බිහිවිය.

මේ වන විට පාකිස්ථානු කොටස් හුවමාරුවේ40%ක ප්‍රමාණයක් චීනයේ සමාගම් කිහිපයක් සහ පාකිස්ථානයේ හබීබ් බැංකුව එක්ව මිලදී ගෙන තිබෙන අතර චයිනා ෆයිනෑන්ෂියන් ෆියුදර්ස් එක්ස්චේන්ජ් සමාගමට 17%ක් ෂැන්ග්හයි ස්ටෝක් එක්ස්චේන්ජ් 8%ක් ෂෙන්ෂෙන් ස්ටොක් එක්ස්චේන්ජ් සමාගමට 5%ක්, පාකිස්තාන චයිනා ඉන්වෙස්ට්ටර් කම්පැනි සමාගමට 5%ක් සහ හබීබ් බැංකුවට 5%ක් ලෙස මෙම හිමිකාරීත්වය බෙදී ගොස් තිබේ. 60%ක ප්‍රතිශතයක් දේශීය සහ විදේශීය ආයෝජකයන් සතුය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img