ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගමක් වන කෝපරේටිව් ඉන්ෂූරන්ස් සමාගම සිය මූලික මහජන කොටස් නිකුතුව එලැඹෙන 20 වන දින පවත්වනු ලබන බව නිවේදනය කරයි.
එමෙන්ම මෙහි මූලික මහජන කොටස් නිකුතුවෙහි කළමනාකරුවා ලෙස ශ‍්‍රී ලංකා මර්චන්ට් බැංකුව කටයුතු කරයි.
කෝපරේටිව් ඉන්ෂූරන්ස් සිය මූල්‍ය ශක්තිය තවදුරටත් තහවුරු කර ගනිමින් පසුගිය වසරේ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කළ සමාගමක් සේම දැඩි අභියෝගාත්මක කාලපරිච්ජේදයකදී සමාගමේ ඉපැයූ ශුද්ධ රක්ෂණ වාරිකය 5෴ කින් වර්ධනය කර ගැනීමට සමත් වී ඇතැයි එම සමාගම සඳහන් කරයි.
කෝවිඞ් 19 වසංගතය ආර්ථිකයෙහි සෑම ක්ෂේත්‍රයටකම දැඩි ව බලපෑම් එල්ල වූ අතර එම බලපෑම් හමුවේ 2020 මූල්‍ය වර්ෂය තුළ සමාගම රුපියල් මිලියන 695 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර මෙය පෙර වසර සමග සැසඳීමේදී 155෴ ක දැවැන්ත වර්ධනයක් බවද ඔවුන් පෙන්වා දෙයි.
මෙම වර්ධනයත් සමග ශ‍්‍රී ලංකාවේ ඉදිරියෙන් සිටින රක්ෂණ සමාගම් 10 අතරට පත් වීමට කෝපරේටිව් ඉන්ෂූරන්ස් සමාගම සමත් වී ඇත. කෝපරේටිව් ඉන්ෂූරන්ස් සිය දැක්ම තහවුරු කරමින් ඔවුන් විසින් දිවයින පුරා පාරිභෝගිකයින් වෙත හඳුන්වාදුන් අසමසම රක්ෂණ විසඳුම් මේ සඳහා හේතු පාදක වී තිබෙන බවද සඳහන්.
කෝපරේටිව් ඉන්ෂූරන්ස් හි සභාපති සුසිල් වීරසේකර අදහස් දක්වමින් ‘‘ ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් ලබමින්, එම ශක්තිය තවත් වර්ධනය කර ගැනීම සඳහා මූලික මහජන කොටස් නිකුතුවක් වෙත යෑමට හැකි වීම සමාගම ලද ජයග‍්‍රහනයක් ලෙස හඳුන්වා දෙන්නට කැමති බවත්, විශේෂයෙන්ම කෝවිඞ් බලපෑම හමුවේ පැවති අභියෝගාත්මක සහ ව්‍යාපාර සඳහා හිතකර නොවූ තත්වයකදී අපගේ ලාභය පෙර වසරට සාපේක්ෂව 155෴ කින් වර්ධනය කර ගැනීමට දායකත්වය දැක්වූ සියලූ පාර්ෂවයන්ට තමන්ගේ ප‍්‍රණාමය පුදකරන අතරම 2021 වර්ෂයේ දෙසැම්බර් 20 වන දින පැවැත්වෙන කෝපරේටිව් ඉන්ෂූරන්ස් හි මූලික මහජන කොටස් නිකුතුව අධිදායකත්වයකින් නිම වන බව තමා විශ්වාසයි” යනුවෙන් ද පවසයි.
කෝපරේටිව් ඉන්ෂූරන්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ වසන්ත රණසිංහ මහතා අදහස් දක්වමින්, “2020 මූල්‍ය වර්ෂයේදී ඉහළ මූල්‍ය කාර්යසාධනයක් පෙන්නුම් කළ කෝපරේටිව් ඉන්ෂූරන්ස් සිය මූලික මහජන කොටස් නිකුතුව 2021 වර්ෂයේ දෙසැම්බර් 20 වන දින පැවැත්වීමට හැකි වීම පිළිබඳව බෙහෙවින් සතුටට පත් වන අතර විවිධ අභියෝග මැද මේ වන විට සමාගම ලබා ඇති මූල්‍ය ස්ථාවරත්වය ආයෝජකයින්ට වඩාත් ප‍්‍රශස්ත අදහසක් සමාගම පිළිබඳව ලබා දෙන බව මගේ විශ්වාසයයි. අපගේ විචක්ෂණ පිරිවැය කළමනාකරණ ප‍්‍රවේශයන් සහ නවෝතපාදනයන් වෙත යොමු කෙරෙන ඩිජිටල් මෙහෙයුම් පද්ධතිය මෙන්ම වඩාත් වැදගත්ම අංගය වන දැඩි කැපවීමකින් කටයුතු කරන අපගේ සේවක මඩුල්ල සමාගම ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑම සඳහා කැපවී සිටිනවා. මුළුමනින්ම දේශීය සමාගමක් ලෙස මෙම ශක්තිමත් සාධකයන් මත අපගේ මූලික කොටස් නිකුතුවට පිවිසෙමින් කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් බවට පත්වීමෙන් අනතුරුව අපගේ සේවාවන් ශ‍්‍රී ලංකාවේ විවිධ ආර්ථික හැකියාවන් සහිත පාරිභෝගිකයින් වෙත ගෙන යෑමට හැකි වෙතැයි මම අපේක්ෂා කරනවා’’ යනුවෙන් පවසයි.