කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම (MGT.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා එම සමාගමේ 2021/22 මූළ්‍ය වර්ශය සඳහා දෙවැනි අතරමැදි ලාභාංශයක් ගෙවීමට තීරණය කර ඇතැයි එම සමාගම පවසයි.
ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 40ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බව සඳහන්.
මෙහිදී ලාභාංශ ගෙවීමේ දිනය ලෙස 2022 වසරේ ජනවාරි 27 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) දිනය ලෙස ජනවාරි 06 වැනිදා නම් කර තිබේ.
මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් හේලීස් ෆැබ්රික් පීඑල්සී සමාගම පවසයි.
එම සමාගම සිය අවසන් ලාභාංශ ගෙවීම ලෙස පසුගිය ඔක්තෝබර් මාසයේදී කොටසකට රුපියල් ශත 40 බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කර තිබේ. එය 2021/22 වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශය ලෙස සටහන්ව තිබුණි.
මේ අතර ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු නිමාවේදී හේලීස් ෆැබ්රික් පීඑල්සීකොටසක වටිනාකම රුපියල් 40.80ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ පැවැති රුපියල් 41.5ට සාපේක්ෂව රුපියල් ශත 70ක එනම් 1.69%ක පසුබැසීමකි.