ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමන අනුපාතය 17.5% දක්වා ඉහල ගොස් ඇතැයි tradingeconimic වෙබ් අඩවිය සඳහන් කරයි.
එය ලෝකයේ 16 වන ස්ථානය වන අතර ආසියානු කලාපයේ 06 වන ස්ථානය වනු ලබයි.
මෙම උද්ධමන ගණනය කිරීම සිදු කර ඇත්තේ පසුගිය මස උද්ධමනය 9.9% ලෙස සලකමින් වන අතර මෙවර මහ බැංකුව නිකුත් කල උද්ධමන අනුපාතය වන 11.1% ගණනය නොකරමිනි.
කෙසේ වෙතත් එම ලයිස්තුවට අනුව ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානය, සෝමාලියාව, හයිට්, නයිජීරියාව ආදි රටවල් වල උද්ධමන අනුපාතයන්ට වඩා ඉහල උද්ධමන අනුපාතයකින් සිටින බව එම වෙබ් අඩිවය වාර්ථා කරයි.