ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනයක් සහිත සාමාණ්‍ය රක්ෂණාවරණ සමාගම් අතරින් ප්‍රමුඛතම සමාගමක් වන LOLC රක්ෂණ සමාගමේ මූලික මහජන කොටස් නිකුතුව හෙට දින ආරම්භ කරන බව එම සමාගම පවසයි.
මූලික මහජන කොටස් නිකුතුව හරහා කොටස් 120,000,000ක් වෙළඳපලට නිකුත් කරන අතර එහිදි එක් කොටසක් රුපියල් 7.90 බැගින් පිරිනැමෙන අතරම මේ තුලින් රුපියල් 948,000,000ක මුළු වටිනාකමක් සමාගම රැස් කරගනු ඇත.
LOLC සමූහයේ අනුග්‍රහය ලබන LOLC රක්ෂණ සමාගම ශ්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන සමාගමක් අතර එහි මෙහෙයුම් කටයුතු කාම්බෝජය දක්වාද ව්‍යාප්ත කර ඇත.