Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

සොෆ්ට්ලොජික් ලයිෆ් විශිෂ්ටයින් අතරට එක් වෙයි

janamaga-softlogic-life

සොෆ්ට්ලොජික් ලයිෆ් පීඑල්සී සමාගම CA ශ‍්‍රී ලංකා මගින් සංවිධානය කරන ලද 56 වැනි වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ප‍්‍රධාන සම්මාන 6ක් සමඟින් සුවිශේෂී මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් කීර්තිමත් සම්මාන රැසක් හිමි කර ගැනීමට සමත් වූ බව පවසයි.

ඒ අනුව වසර ගණනාවක් තිස්සේ එහි ඉහළම සම්මානයන්හි ආධිපත්‍ය තහවුරු කරගෙන සිටි මෙරට දැවැන්ත සමාගම් අභිබවා යමින් වාර්ෂික මූල්‍ය වාර්තාකරණයේ සමස්ත විශිෂ්ටත්වය සඳහා වන රිදී සම්මානය තමන් සතු කර ගැනීමට සොෆ්ට්ලොජික් ලයිෆ් සමත් වූයේ මූල්‍ය වාර්තාකරණයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමිනි.

මූල්‍ය වාර්තාකරණය වෙනුවෙන් රිදී සම්මාන හිමි කරගත් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය සම්මාන එකතුව තවත් සුවිසල් සම්මානයකින් හැඩ කරනු ලැබුවේ රක්ෂණ අංශය වෙනුවෙන් වූ රන් සම්මානය ද දිනා ගනිමිනි. සම්මාන ප‍්‍රධානෝත්සවය තුළ දැවැන්ත සම්මාන දෙකකින් සිය හැකියාවන් සහතික කළ සොෆ්ට්ලොජික් ලයිෆ් ඊට අමතරව ඒකාබද්ධ වාර්තාකරණය (Integrated Reporting), ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය (Integrated Corporate Social Responsibility Reporting), ඒකාබද්ධ වාර්තාකරණය- හොඳම   එළි දැක්වීම – ව්‍යාපාර ආදර්ශ සම්මානය (Integrated Reporting: Best Disclosure on Business Model) හා ඒකාබද්ධ වාර්තාකරණය- හොඳම  එළි දැක්වීම – පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය (Integrated Reporting : Best Disclosure on Stakeholder Engagement) යන කාණ්ඩ සඳහා ලෝකඩ සම්මානයන්ද තමන් සතු කර ගැනීමට සමත් විය.

මේ සියලූ සම්මානයන් තුළින් සොෆ්ට්ලොජික් ලයිෆ් තහවුරු කරනු ලැබුවේ ඒකාබද්ධ වාර්තාකරණය වෙනුවෙන් විශිෂ්ටත්වයට පත් ආයතනයන් අතර අති විශිෂ්ටයකු ලෙස පූර්ණ විනිවිදභාවයකින් කටයුතු කිරීම හා සෑම කොටස්කරුවකු වෙනුවෙන්ම උපරිම වටිනාකමක් නිර්මාණය කිරීම වෙනුවෙන් වන ඔවුන්ගේ නොසැලෙන කැපවීමයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img