Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

සිමෙන්ති අර්බුදය විසඳීමට ටෝකියෝ මැදිහත් වෙයි

janamaga-tokiyo-ciment

රටෙහි පවතින සිමෙන්ති අර්බුදය විසඳීම සඳහා ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කඩිනම් පියවරක් ලෙස ආනයනය කරන ලද සිමෙන්ති කොට්ට තොගයක් අඩු මිලට පාරිභෝගිකයන් වෙත ලබා දීම සඳහා වෙළඳපලට නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.

මේ අනුව මෙලෙස ආනයනය කරන ලද සිමෙන්ති කොට්ටයක් 1275/- ක මිලකට දිවයින පුරා සෑම ප්‍රදේශයකින්ම පාරිභෝගිකයන්ට ලබා ගැනීමට අදාල සමාගම කටයුතු සලස්වා ඇතැයි සඳහන්.

සිමෙන්ති අර්බුදය හේතුවෙන් ඇතිව ඇති අර්බුද විසඳීම සඳහා මෙලෙස සහනදායි මිලකට මෙම සිමෙන්ති තොගය පාරිභොගිකයන් වෙත ලබා දීමට පියවර ගත් බව එම සමාගම සිය නිවේදනයේ සඳහන් කරයි.

රටේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා ලෙස දේශීය සිමෙන්ති නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දෙමින් දිවයින පුරා අඛණ්ඩ සැපයුමක් සහතික කරනු පිණිස ත්‍රිකුණාමලයේ සිය නිෂ්පාදන කම්හල උපරිම ධාරිතාවයෙන් පැය 24 පුරාම ක්‍රියාත්මක කරවීම මින් පළමුවැන්නයි.  තවද, රජය විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව හදිසි පියවරක් ලෙස කොළඹ වරායේ පිහිටි ටෝකියෝ සිමෙන්ති සමාගමේ පර්යන්තය හරහා මසකට ආනයනය කරන සිමෙන්ති මෙට්‍රික් ටොන් 30,000 ට අමතරව සිමෙන්ති මෙට්‍රික් ටොන් 12,000ක් ආනයනය කිරීමට ද විශේෂ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කරන ලදී.

එමෙන්ම, දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ දිනෙන් දින ඉහළ යන අවශ්‍යතාවයන් සපුරාලීමට හැකිවන පරිදි ටෝකියෝ සිමෙන්ති සමාගමේ ත්‍රිකුණාමල කර්මාන්තශාලාවේ නිෂ්පාදන ධාරිතාවය 2023 මුල් භාගය වන විට තවත් මෙට්‍රික් ටොන් මිලියනයකින් ඉහළ දැමීමේ ව්‍යාපෘතියට මුල්ගල් තැබීම පසුගියදා සිදුකෙරිනි. මෙම සියළු ප්‍රයත්නයන් මගින් දේශීය ආර්ථිකය තුළ අගය එකතු කිරීම සිය පළමු වගකීම කරගනිමින්, දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය සපුරාලීමට අඛණ්ඩ සිමෙන්ති සැපයුමක් සහතික කිරීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ අරමුණයි.

අදාල සිමෙන්ති තොගය බෙදා හැරීමෙ සඳහා ටෝකියෝ සිමෙන්ති සමාගමේ සමූහ අලෙවි කළමණාකාර දශාන්ත උඩවත්ත මහතා (දකුණු පස සිට) සහ අලෙවි කළමණාකාර – තොග සිමෙන්ති, ජිලානි මොහිදීන් මහතා, මෙම ආනයනික සිමෙන්ති කොට්ට තොගයක් බෙදා හැරීමේ අවස්ථාවට සහභාගීව සිටියහ.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img