සත්වෝද්‍යානයේ අලුත උපන් අලි පැටවුන් තිදෙනාගෙන් එක් පැටවෙකුට වනජීවි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානාවකගේ නම තැබීමට සත්වෝද්‍යාන බලධාරීන් තීරණය කර තිබේ.
ඒ අනුව එම අලි පැටවා විමලවීර දිසානාවයක රාජ්‍ය අමාත්‍යවරයාගේ දිසානායක යන වාසගමේ මුල් කොටස වන දිසා යන කොටස යොදාගෙන නම් කරනු ඇතැයි සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම දෙහිවල සත්වෝද්‍යානයට අලුතෙන් ලැබුණු සතුන් කිහිප දෙනෙකුට නම් තැබීම ද පසුගියදා සිදු කෙරුනු අතර ඒ සතුන්ට නම් තැබුවේ පාසල් දරුවන් පිරිසක් විසින් යෝජනා කල නම් බවද සඳහන්.