Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ජැකලින්ගෙ හාදුව ඉන්දියාව කළබයි

ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති සුපිරි බොලිවුඩ් නිළි ජැකලින් ෆර්නැන්ඩස් විසින් ඉන්දීය ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන සුකේෂ් චන්ද්‍රසේකරහට හාදුවක් ලබාදුන් බවට පළවන ඡායාරූපයෙක් මේ වනවිට ඉන්දියාව තුළ මහත් ආන්දෝලනයකට තුඩු දී ඇත.

මේ සබන්ධයෙන් ජැකලින්ද නොසන්සුන්තාවට පත්ව ඇති අතර, ඇය සමාජ මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සමාජ මාධ්‍ය වෙතින්ම ඉල්ලා සිටියේ තමාගේ පෞද්ගලිකත්වය ආක්‍රමණය නොකරන ලෙසයි. එය තමාට මහත් පීඩාවක් බවත්, එනිසා එම ඡායාරූපය තවත් කෙනෙකු සමඟ බෙදා නොහරින ලෙසයි.

&ඉන්දියාවට සහ එහි ජනතාව මට කවදත් ඉමහත් ආදරයක් හා ගෞරවයක් ලබා දී තිබෙනවා. ඊට මගේ මාධ්‍ය මිතුරන්ද ඇතුළත්. ඔවුන්ගෙන් මම බොහෝ දේ ඉගෙන ගෙන තියෙනවා. නමුත් මේ අවස්ථාවේදී මගේ පෞද්ගලිකත්වයට සහ පුද්ගලික අවකාශයට බාධා නොකරන්න. ඒ ආකාරයේ ඡායාරූප ප්‍රචාරය නොකරන ලෙස මම මගේ මාධ්‍ය මිතුරන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔබ ඔබේම ආදරණීයයන්ට මෙය නොකරන්න. යුක්තිය සහ යහපත් හැඟීම හැමදාම පවතිනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා* යනුවෙන් එහි දක්වා තිබුණි.

දකුණු ඉන්දීය ධනවත් ව්‍යාපාරිකයෙකු වන චන්ද්‍රශේකර් ඉන්දීය රුපියල් කෝටි 200ක් මුදල් විශුද්ධිකරණය කළ බවට මේ වනවිට නඩුවක් ක්‍රියාත්මක අතර, එම නඩුව වෙනුවෙන් පෙනීසිටීමට ජැකලින්ටද සිදුව ඇත. ඇයගෙන් මේ වනවිට තෙවතාවක්ම ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img