Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

හැඩැති සිරුරකට නිවැරදි සෞඛ්‍ය පුරුදු

janamaga-health-pushpa-ramyani-soysa-

හැඩැති සිහින් සිරුරක් සඳහා කාන්තාවන් බොහොමයක් කැමති බව නොරහසක්. කාන්තා ලාලිත්‍ය වඩාත් ඔප්නැංවීම සඳහා කාන්තාවන් නිරන්තර උත්සාහ ගන්නා නිසාම හැඩැති සිරුරක් සඳහා නිවැරදි සෞඛ්‍ය පුරුදු 08ක් ගෙන ඒමට කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරිණි පුෂ්පා රම්‍යානි සොයියා විසින් සඳහන් කරන මෙම කරුණු ඔබට වඩා වැදගත් වෙවි.

01. ඔබගේ බර මැනගන්න
මෙය ඉතාමත් වැදගත් සාධකයකි. නියමිත බරෙහි ඔබ නැතිනම් බර ඉක්මවා ඇත්නම් ඔබ ගන්නා ආහාර රටාවන්, දෛනිකව ගන්නා ජලය ප්‍රමාණයන් ප්‍රමාණවත්දැයි බලන්න. සාමාන්‍ය පුද්ගලයෙකුගේ දිනක ජල අවශ්‍යතාව ලීටර් දෙකහමාරක් තුනත් අතර තිබිය යුතුයි. ඔබ නියමිත බර පවත්වා ගැනීමටට නම් මෙතැන් සිටම අරඹන්න.

02. පැණි රස භාවිතය හැකිතාක් සීමා කරන්න.
පැණිරස බීම, කෙටි කෑම වර්ග, අධික සීනි භාවිතයෙන් ඉවත් වන්න දෛනිකව සීනි අවශ්‍යතාව තේ හැඳි 06කි එය ඉක්මවා නොයන්න.

03. ව්‍යායාම අනිවාර්යයි
සෑම දිනකම විනාඩි 30ක් නොකඩවා ව්‍යායාමයක යෙදෙන්න එමෙන්ම කඩින් කඩ ව්‍යායාම සිදුනොකරන්න.

03. ක්‍රියාශීලි විය යුතුයි.
දිනක ඇරඹුමේ සිට නිමාව දක්වාම උදාසීන ගති වෙනුවට ප්‍රබෝධයෙන් ක්‍රියාශීලි වීම අත්‍යවශ්‍ය වෙයි.

04. වාඩි වී සිටින කාලය අඩු කළ හැකිනම් ඉලක්කයට යාමට වඩාත් පහසුයි
එකතැන දිගු වේලාවක් එකම ඉරියව්වකින් රැඳි සිටිනවාට වඩා ඇවිදීම, දිවීම වැනි ක්‍රියාකාරකම්වලත් නියැළීමට වගබලා ගන්න.

06 හොඳ නින්දක් ලබා ගන්න
නියමිත පැය ගණන සපුරාමින් ලබන සුව නින්ද සේම සංසුන් මනසකින් යුතුවද නින්දට යාම ඔබට බොහෝ සෙයින් වැදගත් වෙයි.

08. ලුණු භාවිතයත් සීමා කරන්න
අධික ලුණු භාවිතය හිතාමතාම සීමා කරන්න. ලුණු තේ හැඳි 01ක් යනු දෛනික ලුණු අවශ්‍යතාවයි.

08 තමා ගන්නා ආහාර ප්‍රමාණය විශේෂිත කරුණකි
බඩ ඉක්මවා යන පරිදි ආහාර ගැනීම අප කරන විශාල වරදකි. දුටු දුටු දේ තම කෑම පිඟානේ තබාගෙනපරිභොජනය කිරීම වෙනුවට අත්‍යවශ්‍ය දේ අවශ්‍ය පරිදි ආහාරයට එකතු කරගන්න.

නිවැරදි ආහාර හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වීමෙන් කෙටි කාලයකින් ඔබේ සිහින සැබැ කර ගැනීමට පහසු වෙයි.

janamaga-health-pushpa

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img