එදිනෙදා ආහාර වේල තුලින් කුස පුරවා ගැනීමටම පමණක් නොව ශරීරයට අවශ්‍ය පොෂණ ගුණාංගද ලබා ගත යුතු බව ඔබ දන්නවා ඇති. ඒ නිසාවෙන්ම අපගේ එදිනෙදා ආහාර වේල් සඳහා ශාකමය ආහාර ඉතා ගුණදායක බව නොරහසක්. මේ නිසාම ඔබේ ආහාරවේලට ගත යුතු ඖෂධී්‍ය කොළ වර්ග කිහිපයක් මෙලෙස ඉදිරිපත් කර ඇති අතරම ඒවා තුල ඇති පෝෂණ ගුණාංග ඔබේ ශරීරයට අවශ්‍ය වන්නේ කෙසේදැයි ඔබම කියවා දැනගන්න.
මුරුංගා කොළ
කොළ සම්බෝලට ද්‍රවිඩ ජනයා අතර ජනප්‍රියතම සම්බෝලයයි.මැල්ලුමක් ලෙසද තෙම්පරාදුවක් ලෙසද කොළ සකසා ගත හැක.කොළ පැහැය රැගෙන පරිදි සකසා ගැනීමෙන් ගුණය නොනැසි රසවත්ව ආහාරයට ගැනීමට හැකිය.විටමින් ඒ සහ සී මෙන්ම කැල්සියම් මුරුංගා කොළවල බහුලව අඩංගු වන බවත්,මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප අසූවක කැල්සියම් ප්‍රමාණයක් පවතින බවත් කියැවේ.
නීරමුල්ලිය
කටු ඉවත් කර ළපටි කොළවල වලින් නීරමුල්ලිය දලු සම්බෝලය සකසා ගනී. තරමක කටු බවත් කර රසයක් සමහර පිරිස් සම්බෝලයට අකමැතිය .නමුත් ගුණදායකය. ගම්මිරිස් ,දෙහි සහ තක්කාලි යහමින් යොදා ගැනීමෙන් හොඳ රසයකින් සකසා ගත හැක. hygrophila schuili විද්‍යාත්මක නාමයෙන් හදුන්වන නීරමුල්ලිය වකුගඩු දෝෂ වලට මුත්‍රාශයේ රෝග වලට සහනය ලබා දේ.වකුගඩු ගල් ශෝදනයට උත්ප්‍රේරණ ලබා දේ.
තෙඹු කොළ
තෙඹු බොහෝ ප්‍රදේශවල සාරවත්ව වැවෙන ශාකයකි.තෙඹු වර්ග විසිතුරු පැළැටියක් ලෙසද වගා කරයි.තෙඹු කොලවල සම්බෝලය ලෙසත් , සලාදයක් ලෙසත් තෙඹු ගොබය ව්‍යංජනයක් ලෙසත් සකසා ගත හැක.මෙම කොළ වල පිෂ්ඨය සේම මේදය අන්තර්ගත වූවත් , දියවැඩියාවටත්, කොලොස්ටරෝල් තත්වයන්ටත් ගොදුරු වූ රෝගීන්ට සහනය ලබාදෙන ශාකයකි. ශරීරයේ අධික වෙහෙස පලවා හරී.පෙනීමේ දුර්වලතා පවතින රෝගීන්ටද සුදුසුය. පණු රෝග වළක්වයි.