ඇෆගන් කාන්තාවන්ට තනිවම දුර ගමන් යෑම තහනම් කරමින් තලේබාන් පාලකයන් නව නීති සම්පාදනය කර ඇත.
කාන්තාවක් විසින් දුර ගමන් යන්නේ නම් කාන්තාවන් තම සැමියා හෝ පවුලේ සමීපතම ඥාතියෙකු සමග සිටිය යුතු බවත් ෂරියා නීතියට අනුව මෙම නව නීති හඳුන්වා දී ඇති බවත් තලේබාන් පාලකයන් සඳහන් කර ඇත.
ඇමරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පිටවී යෑමෙන් පසු තලේබාන්වරුන් එරට බලය යළි තහවුරු කරගෙන රජයක් පිහිටුවූ පසු ප්‍රකාශ කර ඇත්තේ ෂරියා නීතියට අනුව ජනතාවාදී රජයක් පිහිටුවන බවත් කාන්තා සහ බාලිකා අයිතීන් සුරැකීමට පියවර ගන්නා බවත්ය.