අවුරුදු 03කට අධික කාලයක් කිසිදු චෝදනාවක් නොමැතිව අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටි සෞදි කුමරිය සහ ඇගේ දියණිය නිදහස් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා ස්විට්සර්ලන්තයට යාමට සූදානම් සිටියදී බස්මා බින්ට් සවුද් කුමරිය 2019 වසරේ මාර්තු මාසයේදී සෞදි බලධාරීන් විසින් රඳවා ගනු ලැබීය.
එසේ වුවද ඇයට හෝ අගේ දියණියට එරෙහිව මේ දක්වා කිසිදු චෝදනාවක් එල්ල වී නොමැති බවද වාර්තා විය.