තමන් අගමැති නිල නිවසේ පදිංචියට ගිට පසු තමන්ට කිසිදු හොල්මනක් බාධා නොකළ බවත් රාත්‍රියේ තමා හොඳින් නිදා ගත් බව ජපන් අගමැති ෆමියෝ කිෂිඩා පවසයි.
අග්‍රාමාත්‍යවරයා අගමැති නිල නිවසේ පලමු රාත්‍රිය ගතකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිලිතුරු දෙමිනි.
ජපන් අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස ඉපැරණි මන්දිරයක් වන අතර එහි 1936දී ජපානයේ හමුදා කුමන්ත්‍රණයක් සිදුවුනිත එහිදි හමුදා සොල්දාදුවන් අගමැති නිල නිවසට කඩා වැදි එහි සිටි රජයේ නිලධාරීන් කිහිප දෙනෙකු මරා දමා තිබුණි.
එසේ මරා දමා තිබුණු නිලධාරීන් මෙලෙස එම නිල නිවසේ හොල්මන් කරන බවට ජපානයේ මතයක් පවති. මේ නිසාම කිෂිදේට පෙර අග්‍රාමාත්‍යධූරය හෙබවූ ෂෙන්සෝ අබේ හෝ යොෂිදේ සුගා හෝ මෙම අගමැති නිල නිවසේ පදිංචියට පැමිණියේ නැත.
එහෙත් වසර 09කට පසු අගමැති නිල නිවසේ පදිංචියට ගිය අග්‍රාමාත්‍යවරයා ලෙස සැලකෙන්නේ ෆමියෝ කිෂිඩා වන අතර ඔහුට අගමැතිධූරය හිමිවූයේ මීට මාස කිහිපයකට පෙරයි.