ඉන්ධන විරෝධතා උග්‍රවීමත් සමඟ කසකස්තාන රජය ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තෙල් නිපදවන මධ්‍යම ආසියානු රටක් වන කසකස්තානයේ කලක සිට ඉන්ධන මිල අධික ලෙස ඉහළ යමින් තිබෙන අතර, ඒ සමඟ රටපුරා විරෝධතා ඇති විය.
පැරනි සෝවියට් ජනරජයේ විශාලතම නගරය වන අල්මාටිහි ප්‍රධාන චතුරශ්‍රයෙන් සිය ගනනක් වූ විරෝධතාකරුවන් පලවා හැරීමට පොලිසියට ඊයේ (04දා) කඳුළු ගෑස් සහ අහසට වෙඩිතැබීම් සිදුකිරීමට සිදුවිය. විරෝධතා හේතුවෙන් පොලිසියේ 100කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා ඇත.
කසකස්තානයේ ව්‍යාපාරික සංගමයක් දන්වා සිටියේ, විරෝධතාකරුවන් බැංකු, වෙළඳසැල් සහ ආපනශාලාවලට පහරදීම් සිදුකළ බවයි.
කසකස්තානය යනු දශක තුනක කාලයක සිට සීඝ්‍රයෙන් නැගී ආ රටක් වන අතර, ඔවුන්ගේ දියුණුවට තෙල් හා ලෝහ කර්මාන්ත ප්‍රධාන බලපෑමක් එල්ල කළේය. මේ හේතුවෙන් ඩොලර් බිලියන ගණනක විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමට කසකස්තානයට හැකිවිය. කෙසේ නමුත් මෑත කාලීනව ඇති වූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් එරට දියුණුවට දැඩි බලපෑමක් එල්ල කරමින් සිටියි.
නව වසර ආරම්භයේදී එරට රජය විසින් පෙට්‍රෝලියම් හා ගෑස් සඳහා වූ මිල පාලනය ඉවත් කිරීමට තීරණය කළ අතර, එය විරෝධතා ආරම්භවීමට ප්‍රධාන නිමිත්ත විය. වර්තමානයේ බොහෝ කසකස්තානය වැසියන් වඩා ලාබදායි නිසා ඔවුන්ගේ මෝටර් රථ ගෑස් වලින් ධාවනය කිරීම සඳහා පරිවර්තනය කර ඇත.