පවතින වාතාවරණය සම්බන්ධයෙන් ඉදිරි පැය 48 තුළ රුසියාව හා සාකච්ඡා කිරීමට යුක්‍රේනය අපේක්ශා කරන බව යුක්‍රේන විදේශ ඇමතිවරයා සඳහන් කරයි.
දේශ සීමාවේ සෙබලුන් බලමුළු ගැන්වීම පිලිබඳ රුසියවෙන් පැහැදිලි කිරීමක් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස තමන් ඉල්ලූ නිල ඇරයුම රුසියාව විසින් නොසලකා හැර ඇති බවද යුක්‍රේන විදේශ ඇමතිවරයා සඳහන් කරයි.
රුසියානු සැලසුමේ විනිවිදභාවය පිලිබඳව ඉදිරි පැය 48 තුළ දැනුවත් කිරීමක් කරන ලෙස ඉල්ලා ඇත්තේ ඒ අනුව බවද සඳහන්.
මේ අතර ඇමරිකානු භට කණ්ඩායමක් රැගත් මගී ප්‍රවාහන ගුවන් යානයක් පෝලන්තයට පැමිණ තිබේ.
නැගෙනහිර දෙසින් නේටෝ හමුදාව ශක්තිමත් කිරීම සඳහා මේ භට පිරිස අනුයුක්ත කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එමෙන්ම යුක්‍රේනයට ලිතුවේනියාවෙන් ගුවන් යානා නාශක මිසයිල පද්ධතියක් ලැබී ඇතැයිද නේටෝ රටවල මිත්‍ර පාර්ශවයන්ගෙන් තවත් ආධාර ද ලැබී ඇතැයි ද විදෙස් මාධය වාර්තා කරයි.
කෙසේ වෙතත් මේ වන විට යුකේනයේ සිටිව එරට පුරවැසියන්ට වහා ඉවත් වන්නැයි අදාල රටවල් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
මේ අනුව කැනඩාව, ජර්මනිය, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් සිය තානාපති කාර්යාල රටේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි ලුවිව් නගරය වෙත ගෙනයාමට කටයුතු කරමින් සිටිනු බවද සඳහන්.
එමෙන්ම ඊශ්‍රාලය, නවසීලන්තය ඇතුළු බොහොමයක් රටවල් කියෙෆ් අගනුවර පිහිටි සිය තානාපති කාර්යාලවල සිටින කාර්යමණ්ඩල සාමාජිකයන් ඉවත් කර ගැනමට කටයුතු කරමින් සිටින බවද වාර්තා වෙයි.
කෙසේ වෙතත් රුසියාව කිනම් මොහොතක හෝ යුක්‍රේනය ආක්‍රමණය කිරීමට සිටින බවට ඇමරිකාව සහ මිත්‍ර පාර්ශව විසින් චෝදනා කරනු ලබන අතර එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් රුසියාව මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් එවැනි චෝදනා මායා රෝගී තත්ත්වයන් නිසා සිදුකරන ඒවා බවට ප්‍රති උත්තර ලබා දී ඇතැයිද විදෙස් මාධය වාර්ථා කරයි.