Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

GMOA නිලධාරීන් සම්බන්ධ අන්තර්ජාතික වකුගඩු ජාවාරමේ සුලමුල හෙලි කරන ලෙස ඉල්ලයි

janamaga-kidney-gmoa

ඉන්දියානු බුද්ධි අංශය විසින් ශ්‍රී ලංකාවට දැනුම් දෙමින් 2016 වසරේ සඳහන් කල ශ්‍රී ලංකාව තුල, ඉන්දියානු හා වෙනත් විදේශිකයන්ගේ වකුගඩු බද්ධ කිරීමේ සුලමුලෙහි වාර්තාව හෙලි කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ වෙත ලිපියක් මගින් ඉල්ලා ඇත.

ඒ අනුව එවකට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වූ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පිහිටුවා සති දෙකක් ඇතුලත වාර්තාවක් ලබා දෙන මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කල නියෝගයක් නිකුත් කල අතර එයින් පසු මේ වන තෙක් අදාල වාර්තාව එලි දැක්වීමක් සිදු නොකල බවත් එම වාර්තාව අතුරදන් කර ඇත්නම් වහා නැවත විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් මුදල් ඇමතිවරයා වෙත ලිපියක් මගින් දන්වා යවා ඇත.

එමෙන්ම මෙම අන්තර්ජාතික වකුගඩු ජාවාරමට චෝදනාවට ලක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයන් බවට තහවුරු වූ නමුත් එහි එවකට සභාපතිධූරය දැරු වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය සහ එම සංගමයේ ඉහල නිලධාරීන් විසින් අදාල වාර්තාව එලි දැක්වීමට බාධා කර එය අතුරුදන් කර ඇතැයිද ඔහු මුදල් අමාත්‍යවරයා වෙත අදාල ලිපියෙහි දන්වා ඇත.

මේ සම්බන්දව අවධානය යොමු කරමින් අදාල වාර්තාව එලිදක්වන ලෙසත් එසේ නොවුනහොත් අභයාරාම පන්සල් භූමියේ පිහිටි තම සංගමයේ කාර්යාලයේ සිටිමින් මහජන අත්සන් මිලියනයක පෙත්සමක් අත්සන් කිරීමට පියවර ගන්නා බවත් එයින් නොනැවතී නීති මගින්ද කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන විසින් මුදල් ඇමතිවරයා වෙත දන්වා යවා ඇත.

මෙන්ම විදේශිකයන්ගේ වකුගඩු බද්ධ කිරීම ශ්‍රී ලංකා රෝහල් තුල වර්තමානයේ අත්හිටුවීම නිසාවෙන් පසුගිය වසර 05ක කාලය තුල රුපියල් මිලියන 1500ක විදේශ විනිමය අලාභයක් සිදුව ඇතැයිද වෛද්‍යවරයා සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img