ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරඟවලියට සහභාගී වීම සඳහා පැමිණ සිටි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයෙකු වන නොවැක් ජොකොවිච් ගේ වීසා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් පියවර ගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවට පැමිණ මෙල්බන් ගුවන්තොටුපළේ රැඳි සිටි නොවැක්ට එරට බළධාරීන් විසින් දැනුම් දී ඇත්තේ ඔහු ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවශ්‍ය රෙගුලාසි සම්පූර්ණ කර නොමැති බවයි.
ඒ අනුව ඔහුව රටින් නෙරපීට නියමිත බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.
මේ අනුව එරටින් පිටත්වන ගුවන්යානයක ආසනයක් වෙන්කරන තුරු ඔහුව රජය මගින් පාලනය වන රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යැවීමට පියවර ගන්නා බවද සඳහන්.
ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට එක්වීම සඳහා ඔහුට “එන්නත් ලබා නොගැනීම” හේතුවෙන් සහනයක් දීමට එරට ටෙනිස් බලධාරීන් එකඟ වී තිබුණි.
නමුත් ඊට ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.
ජොකොවිච් කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කළ අයෙක් වන අතර ඔහුට වරක් කොවිඩ් ආසාදනය විය.