කාන්තාවන්ට හිරිහැර කිරීම දෙවියන් වහන්සේට කරන්නාවූ අපහාසයක් බව ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පෙන්වා දෙයි.
නව අවුරුදු දා දේව මෙහෙය අමතමින් පාප්තුමන් මේ බව සඳහන් කලේයත
නව අවුරුදු දා දේව මෙහෙය පැවැත්වුයේ ශාන්ත පීතර බැසිලිකාවේදීය. මාතෘත්වය සහ කාන්තාව යන තේමා දේව මෙහෙයට පාදක කර ගැනීමක් එහිදි සිදු වූ අතර කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය වහා නැවතිය යුතු යැයි පාප්තුමෝ මෙහිදි අවධාරණය කරන ලදි.
පුද්ගලයෙකුයට ජීවිතය ලබා දෙනුයේ මවුවරුන් බවත් ලෝකය එකට බැඳ තබන්නේ කාන්තාවන් බවත් අවධාරණය කල පාප්තුමන් විසින් මවුවරුන්ට ගරු බුහුමන් දැක්වීම සහ කාන්තාවන් ආරක්ෂා කර ගැනීම සැමවිටම ඉතාමත් වැදගත් බවද පෙන්වා දෙන ලදි.