හදිසියේ හෝ ඔබේ දුරකථනය වතුරට වැටුනොත් හෝ දුරකථනය තුලට ජලය ගියෝත් ඔබ මොකද කරන්නේ. එක් වරම සිතාගත නොහැකිව කටයුතු කිරීමෙන් ඔබේ දුරකථනය විනාශ වීමටත් පුලුවන්. ඒ නිසාම යම් හෙයකින් ඔබේ දුරකථනයට ජලය ගියහොත් මේ පියවර අනුගමනය කර බලන්න ඔබට වැදගත් වේවි.
01. හැකි ඉක්මනින් වතුරින් ඉවතට ගෙන ක්‍රියා විරහිත කරන්න.
02. පරිපථයට හානි විය හැකි නිසා එය ඔන් කිරීමට හොඳින් ජලය ඉවත් වන තුරුම ඉන්න.
03. ජලයෙන් ඉවත් කළ වහාම දුරකථනයේ බැටරිය ගලවා ඉවත් කරන්න
04. සිම් කාඩ්පත ඉවත් කළ එය හොඳින් වේලෙන්නට හරින්න
05. දුරකථනය බාහරින් සවිකොට ඇති උපාංග ගලවා ඉවත් කරන්න
06. ඔබ සතුව වැකුම් ක්ලීනර් එකක් ඇත්නම් දුරකථනයෙන් සියල්ල විනාඩි 20 ක් පමණ ජලය බවත් වන තුරු භාවිතා කරන්න
07. දුරකථනය වියළීමේ කාර්යයට හෙයාර් ඩයර් හෝ එවැනි උණුසුම් නිකුත් කරන උපකරණ භාවිතා කිරීමෙන් වළකින්න.මෙමගින් දුරකථනයේ පරිපථවලට හානි සිදු වේ.
08. දින දෙකක් පමණ වියළි සහල් පුරවන ලද ෂොපින් බෑගයක දමා තිබීමෙන් දුරකථනය සම්පූර්ණයෙන් යථා තත්තවයට පත් කරගත හැකිය .වියළි සහල්වලට අමතරව සිලිකා ජෙල් හෝ ඉර එළීයේ තැබීමද සිදු කළ හැක.
09. ඉන්පසු බැටරියේ හොඳින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව සවිකර දුරකථනය පනගන්වා බලන්න.