පාසල් මුරකරුවන්ගේ අතිකාල දීමනා නොගෙවීම හේතුවෙන් ඊයේ (01) සිට පාසල් මුරකරුවන් පැය 09ක සේවා මුරය පමණක් සිදු කිරීමට තීරණය කල බව අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමයේ ප්‍රධාන ලේකම් අජිත් කේ. තිලකරත්න අධ්‍යාපන බලධාරීන් වෙත ලිඛිතව දන්වා ඇතැයි වාර්තා වෙයි.
මේ හේතුවෙන් සේවා මුරයෙන් පසු පාලස් භූමියේ දේපළ හා භෞතික සම්පත්වලට යම් කිසි හානියක් සිදුවුවහොත් එහි වගකීම කිසිදු මුරකරුවෙකු විසින් භාර නොගන්නා බවත් එහි වගකීම අදාල ආයතන ප්‍රධානීන් විසින් දැරිය යුතු බවත් ඔවුන් විසින් එම ලිපියේ දන්වා ඇතැයි ද සඳහන්.
එම ලිපිය අධයාපන අමාත්‍යවරයා, සියළුම ආණ්ඩුකාරවරුන්, සියළුම පලාත් අධයාපන ලේකම්වරුන් ඇතුලු අනෙකුත් සියළු බලධාරීන් වෙතද යොමු කර ඇතැයි ද සඳහන් වෙයි.