Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

රැජිණගේ යෂ්ඨිය කොළඹට

janamaga-olympic-baton

2022 වසරට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා උළෙලේ ගිණි සිළුව දල්වන නිල යෂ්ටිව වන රැජිණගේ යෂ්ඨිය ජනවාරි 03 වැනි දින දිවයිනට රැගෙන ඒමට නියමිතයි.

එහිදි එම දිනයේ සිට ජනවාරි 06 දක්වා දිවයිනේ විවිධ ස්ථාන කිහිපයකදි රැජිණගේ යෂ්ඨිය පිළිගැනීමේ නිල උත්සව මාලාවක් ජාතික ඔලිම්පික් කමිටුව විසින් සංවිධානය කර ඇත.

කෝවිඩ් වසංගත තත්ත්වය මත එම උත්සව ආරාධිතයන් සීමා කර ගනිමින් ආදාල උත්වසය පැවැත්වීමට තිරණය කර ඇතැයිද සඳහන් වෙයි.

එලැඹෙන 2022 වසරේ ජූලි 08 වැනි දින සිට අගෝස්තු 08 වැනි දින දක්වා එක්සත් රාජධානියේ බර්මින්හැම් නුවරදී පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල පැවැත්වෙයි. ඒ සඳහා බ්‍රිතාන්‍ය යටත් විජිත ලෙස පැවැති රටවල් හා ජාතීන් 72ක සහාභාගීත්වයෙන් මෙම 22 වැනි ක්‍රීඩා උළෙල පැවැත්වෙනු ලැබෙයි.

සම්ප්‍රධායක් ලෙස ක්‍රීඩා උළෙලේ ගිණි සිළුව දල්වනු ලබන රැජිණගේ යෂ්ඨිය එම රටවල් හරයා ගමන් කිරීමෙන් පසුව ක්‍රීඩා උළෙල පැවැත්වෙන සත්කාර රාජ්‍යෙය් නගරය වෙත ළගා වෙයි. මේ අනුව යුරෝපය, අප්‍රිකාව, ආසියාව, බටහිර ඉන්දීය දූපත්, ඔස්ට්‍රේලියාව හා ඇමරිකාව යන කලාපවලට අයත් රටවල් 72ක් හරහා රැජිණගේ යෂ්ඨිය දින 249ක් පුරාවට ගමන් ගන්නා අතර එහි මුළු දු ප්‍රමාණය කිලෝමීටර් එක් ලක්ෂ හතලිස් දහසකි.

ක්‍රීඩා උළෙල වෙනුවෙන් බ්‍රිතාන්‍යෙය් එළිසබෙත් මහ රැජින නිකුත් කළ විශේෂ පණිවුඩය අඩංගු රැජිණගේ යෂ්ඨිය මකින්හැම් මාලිගාව අසලින් පිටත් වූයේ පසුගිය ඔක්තෝම්බර් මස 07 වැනි දිනයි.

මාලදිවයින හා බංග්ලාදේශය හරහා ජනවාරි 3 වැනි දින පෙරවරු 11.00ට කටුනායක ගුවන්තොටුපලට ලඟාවන රැජිණගේ යෂ්ටිය එතැන් සිට ටොරින්ටන් පෙදෙස් ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානය වෙත රැගෙන එන අතර එහිදී දින දෙකක් පුරාවට මෙම යෂ්ඨිය පිළිගැනීමේ උත්සව සංවිධානය කර තිබේ.

එමෙන්ම ජනවාරි 06 වැනි දින පස්වරුවේ රැජිණගේ යෂ්ටියට සමුදීමේ ශ්‍රී ලංකාවේ නිල උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රධානත්වයෙන් අරලිය ගහ මන්දිරයේදී පැවැත්වෙනු ඇති.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img