ඔස්ට්‍රේලියාව සමග පැවැති දෙවන විස්සයි20 තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ෂංක ජාත්‍යන්තර තරගයකදි භාවිතයට අනුචිත භාෂා විලාශයක් අනුගමනය කිරීම හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) චයාධර්ම සංග්‍රහයේ 2.3 වගන්තිය කඩ කර ඇති බවට තරවුරු වී තිබේ.
මේ හේතුවෙන් ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තරග තීරක ඩේවිඩ් බූන් විසින් දැඩි අවවාද කිරීමක් සිදුකර ඇතැයිද ඔහුගේ විනව වාර්තාවට අප්‍රසාද ලකුණක්ද එක් කර තිබෙන බවටද වාර්තා වෙයි.
පැතුම් නිශ්ෂංක පන්දුනට පහර දෙමින් සිටියදි ඔහු එල්ල කල පහරක් වැරදී යාමෙන් පසු ඔහු විසින් දක්වන ලද වාචික ප්‍රතිචාරය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ චර්යා ධර්ම පද්ධතියේ ඇතැම් වැකි උල්ලංඝනය වන බවට තහවුරු වීම හේතුවෙන් මෙලෙ ICC ය විසින් අවවාද සහ අප්‍රසාද ලකුණු එක් කර ඇතැයිද සඳහන් වෙයි.
මීට අමතරව ඊයේ (13) පැවැති තරඟයේදී නියමිත පන්දු ඕවර ප්‍රමාණය යැවීමේ වේගය රඳවා ගැනීමට නොහැකි වීම හේතුවෙන් සමස්ථ තරග මුදලින් සියයට 20ක දඩයක් පැනවීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීකර ඩේවිඩ් බූන් තීරණය කර ඇතැයිද සඳහන් වෙයි.
ඊයේ තරගය නිමා වූ කාලය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලබා දී ඇති කාලයට වඩා පන්දු වාරයක් පසු පසින් සිටි බවට මේ වනවිට වාර්තා වී තිබෙයි.
මේ පිලිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක වරද පිළිගැනීම හේතුවෙන් ඒ පිලිබඳ කිසිදු ඉදිරි ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් ද සඳහන් වෙයි.