සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර තුන්වන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (15) ඔස්ට්‍රේලියාවේ කැන්බරා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙයි.
අද පස්වරු 1.40ට පමණ තරගය ආරම්භ වීමට නියමිතව ඇති අතර මේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක වෙනුවට කුසල් මෙන්ඩිස් කණ්ඩායමට ඇතුලත්ව ඇතැයි සඳහන්.
එමෙන්ම ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරුවෙකු වන ස්ටීවන් ස්මිත් මෙම තරඟය සඳහා සහභාගී නොවන බවද සඳහන්. ඒ පන්දු රැකීමට යාමේදී හිසෙහි කම්පන තත්ත්වයක් ඇතිවීම හේතුවෙනි.
තරඟ පහකින් සමන්විත තරගාවලියේ තරග දෙකට බින්දුවක් ලෙස ඔස්ට්‍රේලියාණු කණ්ඩායම මේ වනවිට ඉදිරියෙන් සිටියි.