Monday, March 27, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

මගීන්ට අපහසුතා ඇති වුනාට අපිට කහන්නේ නෑ -ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියයි

janamaga-sri-lanaka-train

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර ඇති පැය 24ක වැඩවර්ජනය හේතුවෙන් දුම්රිය මගීන්ට ඇතිවන අපහසුතාවන්ට තම සංගමය වගනොකියන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කරයි.

මෙම වැඩ වර්ජනය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට විශාල ලෙස බාධා එල්ල වී ඇති අතර දැඩි දුම්රිය ප්‍රමාධයක් මෙන්ම ඇතැම් දුම්රිය අවලංගු වීමක්ද සිදුව ඇතැයි සඳහන්.

එමෙන්ම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රමාධ වී දුම්රිය ධාවනය සිදුවුවත් දුම්රිය ගේට්ටු ක්‍රියාත්මක නොවීම නිසා අනාරක්ෂිත තත්වයක්ද මතුව ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වෙතත් තම සංගමයේ වැඩවර්ජනය හේතුවෙන් ඇතිවන අපහසුතාවට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුලු පරිපාලනය වගකිව යුතු බවද සභාපතිවරයා සඳහන් කරයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබීම, සාමාන්‍ය දුම්රිය කාලසටහන ක්‍රියාත්මක කිරීම ප්‍රමාද කිරීම සහ හිටියහැටි දුම්රිය අවලංගු කිරීම ආදී කරුණු කිහිපයකට විරෝධය දක්වමින් මෙම සංකේත වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කරයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img