Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ශ්‍රී ලංකා ක්‍රිකට් මහේලට බාරවෙයි

janamaga-Mahela-Jayawardene

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩකයෙකු වූ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස වසරක කාලයක් සඳහා පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ලොව අංක එකේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස සැළකුණු මහේල ජාත්‍යන්තර ක්‍රිකට් දිවියෙන් සමු ගැනීමෙන් අනතුරුව ක්‍රිකට් පුහුණුකරුවෙකු ලෙස ලොව ක්‍රිකට් ලීග ගණනාවක ප්‍රතිඵල පෙන් වූ පුහුණුකරුවෙකුද වෙයි.

විශේෂයෙන්ම ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස මහේල ඉටු කළ කාර්ය භාරය ලොව ක්‍රිකට් කණ්ඩායම් සහ පාළනාධිකාරි අතර දැඩි ලෙස කතාබහට ලක් වුණා.

අරවින්ද ද සිල්වාගේ නායකත්වයෙන් යුත් ක්‍රිකට් තාක්ෂණ කමිටුවේ ඉල්ලීම මත මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස වසරක කාලයක් කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇතැයිද සඳහන්.

මහේල ජයවර්ධනට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකත්වයට අමතරව වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකත්වයද හිමිව ඇත.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් අධිතාක්ෂණ පුහුණු ඒකකයේ ඉදිරි සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමටත් නියමිතයි.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img