තම ස්ථා මාරුව පිලිබඳව විරෝධය පල කරමින් අනුරාධපුර සාංචි විහාරයේ ආවාස ගෙය දෙරටුවට පහර දෙමින් කලහකාරි ලෙස හැසිරුනු බව කියන කාන්තා පොලිස් කොස්තාපල්වරියගේ වැඩ තහනම් කල බව පොලිසිය සඳහන් කරයි.
මෙසේ වැඩ තහනම් කර ඇත්තේ මිහින්තලේ රාජ මහා විහාරස්ථාන පොලිස් මුර පොලේ රාජකාරි කරමින් සිටි පොලිස් කොස්තාපල්වරියකි.
පොලිස් විශේෂ රාජකාරී සඳහා යොදවා සිටි මෙම පොලිස් කොස්තාපල්වරියට ස්ථාන මාරුවක් ලැබ ඇති අතර ඊට විරෝධය පල කිරීම සඳහා මිහින්තලය රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් වැඩ වාසය කරන සාංචි විහාරස්ථානයේ ආවාස ගෙය දොරටුවට පහර දී ඇත.
මෙය විශමාචාර ක්‍රියාවක් බැවින් මේ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් සිදුකර අවසන් කරන තෙක් ඇගේ වැඩ තහනම් කල බව පොලිසිය සඳහන් කරයි.