දුම්රිය දෙපාර්තමේන්තු විසින් රුපියල් කෝටි 70,000ක් වැය කරමින් ඉන්දියාවෙන් ආනයනය කල දුම්රිය එන්ජින් 10න් හතක් ධාවනය නොකිරීම හේතුවෙන් අති විශාල මහජන මුදල් නාස්තියක් සිදුවන බව දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.
රුපියල් කෝටි 49,000ක් වැය කර දෙපාර්තමේන්තුව මිලදී ගත් දුම්රිය එන්ජින් මෙසේ අතහැර දමා ඇතැයිද දුම්රිය ස්ථානාධිපති සංගමය සඳහන් කරයි.
මෙම දුම්රිය එන්ජිමක් රුපියල් කෝටි 700ක් හෙවත් බිලියන 70ක් බවත් එවැනි දැවන්ත මුදලකට ආනයනය කර ඉන් තුනක් පමණක් ධානයට යොදවා ඉතිරි දුම්රිය එන්ජින් දුම්රිය අංගනවල ගාල්කර තිබෙන බවත් එම දුම්රිය එන්ජින් බල විවිධ දෝශ තිබීම මෙයට හේතුවක් බවද බලධාරීන් පවසන බවද එම සංගමය කියයි.
කෙසේ වෙතත් එම දුම්රිය එන්ජන් මිලදී ගැනීමට පෙර ඉන්දියාවට ගොස් පරික්ෂා කල නිලධාරීන් මෙම තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිය යුතු බවද මේ සම්බන්ධයෙන් රජය හැකි ඉක්මනින් පියවර ගත යුතු යැයිද එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි.