Saturday, April 1, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

වැලිබල් එරත්න වෙතින් කොටස් හිමියන්ට ලාභාංශ

vallibel-power-erathna-plc

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන වැලිබල් පවර් එරත්න පීඑල්සී (VPEL.N0000) සමාගම සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි සඳහන් කරයි. අද (10) රැස්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

සමාගම මගින් නිකුත් කර ඇති සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 35ක් බැගින් වූ මෙම ලාභාංශ ගෙවීම සිදු කරන බවත් මෙය 2022 මාර්තු 31 වැනිදායින් අවසන් වන 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙසත් සමාගම නිවේදනය කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ලබන මාර්තු 15 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත (XD Date) දිනය ලෙස පෙබරවාරි 22 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් වැලිබල් පවර් එරත්න පීඑල්සී සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

වැලිබල් පවර් එරත්න පීඑල්සී සමාගම මීට පෙර 2021/22 මූල්‍ය වර්ෂය සඳහා පළමු අතරමැදි ලාභාංශ ගෙවීමක්ද සිදු කළ අතර, එම අවස්ථාවේදී සෑම සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 70ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු විය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img