නැගෙනහිර පර්යන්තයට අවශ්‍ය දොඹකර මිලදී ගැනීමේදී ඩොලර් මිලියන 50ක අතයට ගණුදෙනුවක් සිදුවන බව වරාය වෘත්තිය සමිති විසින් චෝදනා කරයි.
වරයා ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු නිරෝෂන් ගොරකානගේ විසින් මේ බව පැවසු අතර නැගෙනහිර පර්යන්තය සඳහා අවශ්‍ය දොඹකර මිලදී ගැනීමට සූදානම් වන්නේ චීන සමාගමක් මාර්ගයෙන් බවත් ඒ සඳහා ඩොලර් මිලියන 250ක් වැය කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කරයි.
දොඹකර මිලදී ගැනීම සඳහා මේ වන විටත් ණයවර ලිපි විවෘත කර ඇතත් දොඹකර මෙරටට ලැබෙන්නේ 2024 වසරේදී බවත් සඳහන්.
එසේ තිබියදි ඩොලර් මිලියන 50ක මුදලක් අදාල සමාගමට නිකුත් කිරීමට තිබෙන හදිසිය ගැටළුවක් බව වෘත්තිය සමිති චෝදනා කරයි.
2024ට පෙර ආණ්ඩු වෙනසක් සිදුවේයැයි ඇති බිය නිසා කල් තියාම ඩොලර් මිලියන 50ක මුදල අතයට ගණුදෙනුවක් සේ තබා ගැනීමට කිසියම් පාර්ශවයක් උත්සාහ කරනවාද යන්න තමන්ට සැකයක් මතුව ඇති බවත් අදාල වෘත්තිය සමිති විසින් චෝදනා කරයි.