Tuesday, March 28, 2023
spot_imgspot_imgspot_imgspot_img
spot_imgspot_imgspot_imgspot_img

ඇන්ඩෲ පෙරේරා Kia මෝටර්ස් කළමනාකාර අධ්‍යක්ෂක වෙයි

Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙසින් කටයුතු කළ ඇන්ඩෲ පෙරේරා මහතා එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසින් පත්කර තිබෙන අතර ඔහු විසින් අඛණ්ඩව ශ‍්‍රී ලංකාව තුළ Kia සන්නාමයේ ඊළඟ අදියරේ වර්ධනයට නායකත්වය දෙනු ඇතැයි සඳහන්.

ඇන්ඩෲ පෙරේරා මහතා 2013 වසරේ ජනවාරි මාසයේදී ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙසින් Kia මෝටර්ස් සමාගමට එක් වී ඇති අතර සමාගමේ අලෙවියෙන් පසු සේවා යටිතල පහසුකම් පුළුල් කිරීමේ සහ සංවර්ධනය කිරීමේ කටයුතු මෙන්ම වසර නමයක් තුළදී සමාගමේ ව්‍යාපාර කටයුතු ප‍්‍රාදේශීය මට්ටමට රැගෙන යාම වෙනුවෙන් සුවිශාල දායකත්වයක් දක්වන ලදී. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට ඔහුගෙන් තිබෙන දායකත්වය සහ අගය ඇගයීමට ලක්කරමින් 2015 වසරේදී සමාගමේ විධායක අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහු පත් කරන ලදී.

‘ඇන්ඩෲ සතුව තිබෙන විශේෂඥතාවය, කැපවීම සහ ශක්තිය යහපත් මෙන්ම අභියෝගාත්මක කාල වලදීත් Kia මෝටර්ස් සමාගමට වත්කමක් බවට පත්වී තිබෙනවා. ඔහුගේ සහයෝගයෙන් ගෝලීය වසංගතයක් සහ දේශීය සීමාවන් පනවා තිබෙන කාලයේදී පවා අපගේ පුළුල් කිරීමේ සහ ව්‍යුහාත්මක සැලසුම් කටයුතු ඉදිරියට කරගෙන යාමට හැකිවුණා. ඉදිරියටත් ඔහුගේ නායකත්වය අපි බලාපොරොත්තු වෙනවා.’ යැයි මෙම පත්වීම නිවේදනය කරමින් Kia මෝටර්ස් (ලංකා) සමාගමේ සභාපති, මහේන් තම්බයියා මහතා සඳහන් කලේය.

‘ගෝලීය මෝටර් රථ වෙළෙඳපොළේ ප‍්‍රමුඛතම ස්ථානයකට පැමිණීම සඳහා Kia මේ වනවිට පරිවර්තනයකට සහ නවෝත්පාදන කටයුතු වලට ජාත්‍යන්තර මට්ටමේදී එළඹී තිබෙනවා. මේ නිසා, EV6 වැනි විද්‍යුත් වාහන රැසක් සංවර්ධනය කිරීමට සමාගම අවධානය යොමුකර තිබෙනවා. මේ අනුව, දේශීය වෙළෙඳපොළවල පාරිභෝගිකයින්ගේ රුචිකත්වයට සහ අවශ්‍යතාවයන්ට ගැලපෙන තිරසාර විසඳුම් මාලාවක් ඉදිරියේදී Kia වෙතින් බලාපොරොත්තු විය හැකියි. මේ නිසා, මා විශ්වාස කරන්නේ Kia හි, විශිෂ්ටතම නිෂ්පාදන පෙළ ඉදිරියේදී පැමිණෙන බවයි. ශ‍්‍රී ලංකාව තුළ සන්නාමයේ ඊළඟ අදියරේ වර්ධනය සඳහා නායකත්වය ලබාදීමේ අභියෝගය මා සතුටින් භාර ගන්නවා.’ යැයි නව කළමණාකාර අධ්‍යක්ෂකවරයා ලෙස පත්වූ ඇන්ඩෲ පෙරේරා මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාර

- Advertisement -spot_img

Latest News

රනිල් අගමැතිකමින් එලවන්න ධම්මික පෙරට එයි

වර්ථමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අගමැති...

හිරුණිකා අත්අඩංගුවට

කොටුව ජනාධිපති මන්දිරය පිවිසුම් දොරටුව...

රනිල් ඉවත් කර ධම්මික අගමැති කරන්න ජනපතිගේ අවධානය ?

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධූරයෙන්...

සුදේවගේ අනිසි බලපෑම් වලට එරෙහිව ස්වර්ණවාහිණී සේවකයන් පාරට බහී

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ සුදේව හෙට්ටිආරච්චි විසින්...

සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව අත්හිටුවයි

සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර...
spot_img